ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව නිල වශයෙන් නිවේදනය කරයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් බව වතිකානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

වතිකාන වේලාවෙන් ඊයේ (21) උදෑසන 7.35ට පමණ උන්වහන්සේ, කාසා සැන්ටා මාර්තා හී පිහිටි සිට නිවසේ දී ස්වර්ගස්ථ වූ බවයි වතිකානය පැවසුවේ.

මේ අතර වතිකානයේ වැඩ බලන ප්‍රධානි හෙවත් කැමර්ලෙන්ගෝවරයා ලෙස කාදිනල් කෙවින් ජෝසප් ෆැරල් නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අයර්ලන්ත ජාතිකයෙකු වන කෙවින් ජෝසප් ෆැරල් කාදිනල්හිමියන් ගිහියන්, පවුල සහ ජීවිතය සඳහා වූ ඩිකාස්ටරියේ ප්‍රධානියා ලෙසත්, ශුද්ධ රෝම පල්ලියේ කැමර්ලෙන්ගෝ ලෙසත්, වතිකානු නගරයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති ලෙසත් සේවය කර තිබෙනවා.

ලොවපුරා කතෝලිකයින්ගේ දෘෂ්‍යමාන නායකයාණන් සහ එඩේරාණන් වන අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් හිමිපාණන්ගේ වියෝව සැලවීමත් සමඟ ලොව පුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා රෝමයේ පිහිටි සාන්ත මරියා මැජෝරි දේවස්ථානය සූදානම් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

උන්වහන්සේ සිය අවසන් කැමැත්තේ සදහන් කර ඇති ආකාරයට අවමංගල්‍ය කටයුතු ඉතා චාම්ව සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසුව නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිතව තිබෙනවා.

කාදිනල්වරුන් 135 දෙනෙකු පමණ සහභාගීව වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සිස්ටයින් දේවස්ථානයේ පැවැත්වෙන රහස් ඡන්දයකින් නව පාප්වරයා පත්කර ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?