AFC Banner
AFC Banner
Empty Ad

ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල පහළට

ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල හෙට (05) දිනයේ සිට අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් අප සිදුකළ විමසීමක දී සඳහන් කර සිටියේ, එලෙස අඩුවන මිල ගණන් සම්බන්ධයෙන් හෙට (05) දිනයේ දී පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි.

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ එහි වාසිය පාරිභෝගිකන් වෙත ලබාදීමේ අරමුණින් මෙලෙස ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල අඩු කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?