ළිං පතුලක අවසන් ගමන් ගිය පුංචි “සෙනුර”

බටපොල, පහළ දංකැටිය ප්‍රදේශයේ ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව සිටි පිරිමි දරුවෙකුගේ සිරුරක් ඊයේ (31) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

නව හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මව සහ පියා නිවසේ නොසිටි අවස්ථාවක දරුවා මෙලෙස ළිඳට වැටී ඇති අතර, මව්පියන් පැමිණ දරුවා නිවසේ නොමැති බව දැනගත් මොහොතේ කළ සොයා බැලීමක දී ළිඳේ පාවෙමින් තිබියදී සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා.

පසුව දරුවාගේ සිරුර ගොඩගෙන බටපොල රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය එහිදී සිදුකිරීමට නියමිතව තිබුණා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සෙනුර දෙව්මිත් නැමැති දරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?