spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි 16 හැවිරිදි දැරියක් පොලිස් භාරයට

ගම්පහ ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටින 16 හැවිරිදි දැරියක් පොලිස් භාරයට ගත් බව ගම්පහ පොලිසිය පැවසුවා.

බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ රඳවා සිටින දැරියන්ට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙනුයි මෙසේ පොලිස් භාරයට පත්වුනේ.

පොලිස් අධිකරණ නියෝග මත රඳවා සිටින මෙම දැරිය අවුරුදු 14 ක් සහ 15ක් වයසැති දැරියන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවකදීත් පොලිසිය මඟින් දැරියට අවවාද කර ඇති බව පොලිසිය පැවසුවා.

එම ළමා සංවර්ධන මධ්‍යස්ථානය තුළ සේවය කරන කාර්ය මණ්ඩලයට ද කීකරු නොමැති මෙම දැරියව පරිවාස නිලධාරීන් වෙත ඉදිරිපත් කර සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ගම්පහ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?