spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාතාලය මර්ධනයට විශේෂ පුහුණුවක් ලැබූ පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායම විසිර යයි

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සහ පාතාලය මර්ධනය කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ විශේෂ පුහුණුවක් ලද පළමු පොලිස් යතුරුපැදි කණ්ඩායමේ විසිරයාම අද (25) කළුතර, කටුකුරුන්ද පිහිටි විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ දී සිදු වුණා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍යය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම විශේෂ පුහුණුව හැදෑරූ පොලිස් යතුරුපැදිකරුවන් 96ක් යතුරුපැදි 48ක් සමඟ මෙහිදී විසිර ගියා.

මෙම පොලිස් යතුරුපැදිකරුවන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර බස්නාහිර සහ දකුණ ප්‍රදේශවල හඳුනාගත් අපරාධ කණ්ඩායම් සහ ජාවාරම්කරුවන් පසුපස හඹා ගොස් ඔවුන්ගේ ක්‍රියාකාරකම් මර්දනය කිරීම අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?