හෝටල් කෑමවලත් මිල සංශෝධනයක්

ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය හෙට (06) පෙරවරුවේ ප්‍රකාශය පත්කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති අසේල සම්පත්ගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ සංගමයේ අනකුත් සාමාජිකයින් සමඟ අද පස්වරුවේ පැවැත්වෙන සකච්ඡාවකින් අනතුරුව මිල සංශෝධනයන් පිළිබඳව තීරණ ගන්නා බවයි.

ගෑස් මිල ඉහළ යාමත් සමඟ සිය නිෂ්පාදන හා සේවාවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?