එහෙම අය නැතිවෙන්න විදියක් නෑ, මම කොහොමහරි හොයාගන්නවා – මාලිංග

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම ලොව බිහි වූ විශිෂ්ඨතම පන්දු යවන්නෙක් ලෙස සැලකෙන ලසිත් මාලිංග විසින් අනාගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවන් වේග පන්දු යවන්නන් සොයා ගැනීම සඳහා වන වේග පන්දු වැඩමුළුවක් අද (14) කොළඹ දී සංවිධානය කර තිබුණා.

වයස අවුරුදු 17ත් 22ත් අතර ශාරීරක යෝග්‍යතාවය හිමි ක්‍රීඩකයින් පිරිසක් තෝරාගෙන ඒ අතරින් පන්දු යැවීමේ ඉහළ දක්ෂතා ඇති ක්‍රීඩකයින් හඳුනාගැනීම වෙනුවෙන් ලසිත් මාලිංග, මෙය සංවිධානය කර තිබුණා.

අද දිනය පුරා පැවති මෙම වැඩමුළුව සඳහා ක්‍රීඩකයින් 3500ක් පමණ ලියාපදිංචි වූ බවත් ඒ අතරින් ශාරීරික යෝග්‍යතාවය හිමි සහ පන්දු යැවීමේදී පැයට කිලෝ මීටර් 130ක් 135ක් පමණ වේගයකින් පන්දු යැවීමේ හැකියාව ඇති ක්‍රීඩකයින් තෝරා ගෙන ඔවුන් මාස 06ක පුහුණු වැඩමුළුවක් සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

කෙසේ වෙතත් අද පැවති මෙම වැඩමුළුවෙන් අනතුරුව ලසිත් මාලිංග විසින් මේ සම්බන්ධයෙන් සිය මුහුණුපොත වෙත සටහනක් එක්කර තිබුණා.

එහිදී මාලිංග සඳහන් කර ඇත්තේ තමාට අවශ්‍ය කරනුයේ වයස අවුරුදු 17ත් 22ත් අතර පැයට කිලෝ මීටර් 135ක පමණ වේගයක් සහිත පන්දු යවන්නන් වුවද අද දිනයේ දී ක්‍රීඩකයෙක් විසින් යවා තිබූ වේගවත්ම පන්දුව පැයට කිලෝ මීටර් 126ක් බවයි.

එමෙන්ම මෙම වැඩමුළුව අදින් අවසන් නොවන බවත් තවත් අදියර 09 පැවැත්වීමට නියමිත බවත් මාලිංග විසින් එම සටහනේ සඳහන් කර තිබෙනවා.

ලසිත් මාලිංග විසින් තබා තිබූ සම්පූර්ණ සටහන පහතින්,

Screenshot 2026 03 14 205634

  1. ගම්මන්පිල සහ විමලේ නම් මේ දවස්වල පාස්කුවෙන් රාජපක්ෂල බේරාගන්න බලාගෙන සලේව ඉස්සරහට දාගෙන පැයට කිලෝ මීටර් 150 ට වඩා වේගෙන් පන්දු යවනවා… මාලි පොඩ්ඩක් බලන්නකෝ අහලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38