හෙද සේවාව පුහුණු වෙන්න නවක සිසු හෙද හෙදියන් 2918ක්

මහජන ආරක්ෂක පනතින් විටින් විට ගැසට් කළත් නොකළත් සෞඛ්‍ය යනු සැමවිටම අත්‍යවශ්‍ය සේවාවක් – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස –

මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සිසු හෙද පුහුණුව සඳහා 2918 දෙනෙක් බදවා ගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ
ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේ දී සිදු කෙරුණා.

2025 වර්ෂයට අදාළ 2022 කණ්ඩායමේ තෝරාගත් අයදුම්කරුවන් මෙලෙස දිවයින පුරා ස්ථාපිත හෙද විදුහල් 15ක වසර 03ක පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබෙනවා .

මෙහිදී නවක සිසු හෙද හෙදියන් සඳහා සංකේතාත්මකව අමාත්‍යවරයා අතින් පත්වීම් ලිපි ප්‍රදානය කළ අතර හෙද විදුහල්පතිවරුන්හට තම හෙද විදුහලෙන් පුහුණුවීම් ලබන හෙද සිසු සිසුවියන්ගේ නාම ලේඛනද අමාත්‍යවරයා විසින් ලබා දීමට කටයුතු කළා.

අනතුරුව අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙම පත්වීම් ලබා දීමේ අවස්ථාව පහසුවෙන් උදාකර ගත් අවස්ථාවක් නොවන බවත්, මුල් අවස්ථාවේ බදවා ගැනීමට අවසර හිමිවූයේ 2625කට බවත් පවසා සිටියා.

ඊට පසුව අදාළ රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර 2918 දක්වා එම ප්‍රමාණය වැඩිකර ගැනීමට හැකිවූ බවත් ඒ අනුව 2020,2021 සහ 2022 යන වර්ෂවල උසස්පෙළ සමත් මෙම පිරිස සඳහා අවස්ථාව ලැබුණු බවත් සඳහන් කළා.

ලබන මාර්තු 19 සහ 20 දෙදින මෙම සියලු දෙනා තෝරාගත් හෙද විදුහල්වල ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවත්, අප්‍රේල් මස 06 වන දින ඊට අදාළ පුහුණුවීම් ආරම්භ වන බවත් පැවසූ අමාත්‍යවරයා 2029 වර්ෂයේ අප්‍රේල් මාසයේදී අවසන් වසරේ විභාගයට මෙම කණ්ඩායම මුහුණ දෙන බවත්, එම සියලු දෙනා 2029 ජුනි මාසය වන විට හෙද හෙදියන් ලෙස මෙරට රාජ්‍ය සේවාවට ස්ථිරවම බදවා ගැනීමට සැලසුම්කර ඇති බවත් පවසා සිටියා.

මෙම අවසථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් (පාලන 1) ජනක කිත්සිරි ගුණවර්ධන, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, අතිරේක ලේකම් (පාලන11) චාමික ගමගේ, අතිරේක ලේකම් (පාලන111) කේ.පී. යෝගචන්ද්‍ර ජ්‍යෙෂ්ට සහකාර ලේකම් නිමේෂා නානයක්කාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්වන ජී.ඩබ්ලිව්.සී.එස්. ප්‍රියභාෂිණී, දිනිප්‍රිය හේරත්, සිසිර කුමාර ඇතුළුව අධ්‍යක්ෂවරුන්, හෙද විදුහල්පතිවරුන්, හෙද ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11