හොර සල්ලි අච්චු ගැසූ කොල්ලෙක් ඔත්තුවකට අල්ලයි

ව්‍යාජ මුදල් නොට්ටු සමඟ සැකකරුවෙක් හතරලියද්ද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හතරලියද්ද පොලිස් වසමේ වෙළඳසැලකට ඊයේ (20) දහවල් පැමිණි පුද්ගලයෙක් ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් ලබාදුන් බවට පොලිසියට තොරතුරක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කළා.

එම පැමිණිල්ල මත සිදුකළ විමර්ශනයක දී ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු සනතකයේ තිබී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 03ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නොට්ටු 02ක් සහ රුපියල් 100 ව්‍යාජ මුදල් නොට්ටු 02ක් හමු වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනතුරුව සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ව්‍යාජ රුපියල් 50 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 09ක්, ව්‍යාජ රුපියල් 100 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 500 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 04ක්, ව්‍යාජ රුපියල් 5000 නොට්ටු මුද්‍රණය කරන ලද මුද්‍රිත කඩදාසි 06ක් තිබී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 32ක වන මහනුවර, උඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර,ව්‍යාජ මුදල් නොට්ටු මුද්‍රණය සඳහා යොදාගත් පරිඝණක යන්ත්‍රයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
6
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?