හොර පාස්පෝට් එකෙන් කැනඩා යන්න හදලා – තරුණයෙක් ගුවන්තොටේ දී කොටු

ව්‍යාජ ලෙස සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කැනඩාව වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙක් ඊයේ (10) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා ඊයේ (10) රාත්‍රී 07.10ට දෝහා බලා පිටත්ව යාමට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 217 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ කැනඩා රාජ්‍යයේ ගමන් බලපත්‍රය පිළිබඳ සැක සිතූ එම ගුවන් සේවා නිලධාරීන් මොහු ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ.

එම පරීක්ෂා කිරීම්වල දී වෙනත් අයෙකු සතු කැනඩා ගමන් බලපත්‍රයක ජීව දත්ත පිටුවෙහි තොරතුරු ව්‍යාජ ලෙස වෙනස් කර මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම ව්‍යාජ ගමන් බලපත්‍රය සකස් කිරීම සදහා මොහුගේ කැනඩාවේ වාසය කරන පුද්ගලයෙකු ශ්‍රී ලංකා තැරැව්කරුවෙකුට රුපියල් හතලිස් ලක්ෂයක් ගෙවා ඇති බව ද මොහු ආගමන විගමන නිලධාරීන් හමුවේ ප්‍රකාශකර ඇති බව සඳහන්.

අත් අඩංගුවට සැකකරු ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26