හොර පාරෙන් ඩුබායි රැකියා සඳහා වයසක කතුන් යැවූ අයෙක් මාට්ටු

වයස අවුරුදු 58-60 අතර කාන්තාවන් සංචාරක වීසා උපයෝගි කරගනිමින් ඩුබායිහි ගෘහසේවිකාවන් වශයෙන් යොමු කිරීමට මුදල් අයකළ පුද්ගලයෙක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අද දින (14) උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා,

සැකකරු, මෙත්සර හවුස්මේඩ් සර්විසස් නමින් බැද්දගාන පාර, කෝට්ටේ ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින්, එහි දේශීය ගෘහසේවිකා රැකියා ලබාගැනීම සඳහා පැමිණෙන කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි දෙකක් ලැබී තිබුණා.

ඉන් එක් කාන්තාවක් සංචාරක වීසා මගින් ඩුබායි හි රැකියා සඳහා යොමුවී රැකියාව නොලැබීම හේතුවෙන් යළි මෙරටට පැමිණ ඇති අතර අනෙක් කාන්තාවද සැකකරුට විදේශ රැකියාව ලබාගැනීම සඳහා මුදල් ලබාදුන්න ද පොරොන්දු වූ පරිදි රැකියාව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

එම පැමිණිලි අනුව සැකකරු රුපියල් ලක්ෂ 11ක මුදලක් වංචාකර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කෝට්ටේ ප්‍රදේශයේ අදාළ ස්ථානය වෙත විමර්ශන නිළධාරීන් ගියද, එමා ලිපිනයේ එවැනි ආයතනයක් තිබී නොමැති බවයි පැවසෙන්නේ.

ඒ අනුව උපාය දූතයෙකු මගින් කරුණු සොයා බලා සැකකරු තාවකාලිකව රැදී සිටි උඩහමුල්ල, සුහද මාවත ප්‍රදේශයේදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

එහිදී අදාළ ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 4ක්, ජීව දත්ත පත්‍රිකා, වීසා ලේඛන ඇතුළු ලේඛන රැසක් භාරයට ගත බව එම නිලධාරීන් පවසා සිටියා.

වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු හෙට දින (15) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47


?