හොර පාරෙන් ඩුබායි රැකියා සඳහා වයසක කතුන් යැවූ අයෙක් මාට්ටු

වයස අවුරුදු 58-60 අතර කාන්තාවන් සංචාරක වීසා උපයෝගි කරගනිමින් ඩුබායිහි ගෘහසේවිකාවන් වශයෙන් යොමු කිරීමට මුදල් අයකළ පුද්ගලයෙක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අද දින (14) උඩහමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා,

සැකකරු, මෙත්සර හවුස්මේඩ් සර්විසස් නමින් බැද්දගාන පාර, කෝට්ටේ ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින්, එහි දේශීය ගෘහසේවිකා රැකියා ලබාගැනීම සඳහා පැමිණෙන කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුකරන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි දෙකක් ලැබී තිබුණා.

ඉන් එක් කාන්තාවක් සංචාරක වීසා මගින් ඩුබායි හි රැකියා සඳහා යොමුවී රැකියාව නොලැබීම හේතුවෙන් යළි මෙරටට පැමිණ ඇති අතර අනෙක් කාන්තාවද සැකකරුට විදේශ රැකියාව ලබාගැනීම සඳහා මුදල් ලබාදුන්න ද පොරොන්දු වූ පරිදි රැකියාව ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

එම පැමිණිලි අනුව සැකකරු රුපියල් ලක්ෂ 11ක මුදලක් වංචාකර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කෝට්ටේ ප්‍රදේශයේ අදාළ ස්ථානය වෙත විමර්ශන නිළධාරීන් ගියද, එමා ලිපිනයේ එවැනි ආයතනයක් තිබී නොමැති බවයි පැවසෙන්නේ.

ඒ අනුව උපාය දූතයෙකු මගින් කරුණු සොයා බලා සැකකරු තාවකාලිකව රැදී සිටි උඩහමුල්ල, සුහද මාවත ප්‍රදේශයේදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

එහිදී අදාළ ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 4ක්, ජීව දත්ත පත්‍රිකා, වීසා ලේඛන ඇතුළු ලේඛන රැසක් භාරයට ගත බව එම නිලධාරීන් පවසා සිටියා.

වැඩිදුර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු හෙට දින (15) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40