විදුලි ට්‍රාන්ස්ෆෝමරයක භූගත කේබල් කැපීමට උත්සාහ කළ පුද්ගලයෙක් විදුලිසැර වැදීමෙන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ වාරියපොළ ඩිපෝවට අසළ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක භූගත කේබල් කැපීමට උත්සාහ ගත් අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුද්ගලයාට විදුලි සැර වැදීමෙන් පසු ඔහු සමඟ පැමිණි අනෙක් පුද්ගලයා එම ස්ථානයේ පලාගොස් ඇති අතර, විදුලිසැර වැදී බරපතල තත්තත්වයේ පසුවූ පුද්ගලයා වහාම කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත්තේ.
විදුලිසැර වැදුණු පුද්ගලයා රෝහලේ වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ මුත්‍රා කිරීමට ගිය අවස්ථාවේ තමන්ට මෙලෙස විදුලිය වැදුණු බවයි.
වාරියපොළ ඩිපෝවේ අධිකාරිවරියා විසින් මේ සම්බන්ධයෙන් වාරියපොළ පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති අතර, විදුලි බල මණ්ඩලයේ සේවකයින් ද පැමිණ සිද්ධිය සිදු වූ ස්ථානය පරීක්ෂාකර තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ ට්‍රාන්ස්ෆෝමරයේ භූගත වයර් කපන අතරතුර මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බවයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස නතුරට ලක්ව ඇති අතර, විදුලි සැර වැදීමෙන් ඔහුගේ වම් පාදයට සහ ශරීරයේ ස්ථාන කිහිපයකට හානි සිදුව තිබෙනවා.














