හොරාට විදුලි කේබල් කපන්න ආ පුද්ගලයා විදුලිසැර වැදී රෝහලේ

විදුලි ට්‍රාන්ස්ෆෝමරයක භූගත කේබල් කැපීමට උත්සාහ කළ පුද්ගලයෙක් විදුලිසැර වැදීමෙන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ වාරියපොළ ඩිපෝවට අසළ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක භූගත කේබල් කැපීමට උත්සාහ ගත් අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයාට විදුලි සැර වැදීමෙන් පසු ඔහු සමඟ පැමිණි අනෙක් පුද්ගලයා එම ස්ථානයේ පලාගොස් ඇති අතර, විදුලිසැර වැදී බරපතල තත්තත්වයේ පසුවූ පුද්ගලයා වහාම කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත්තේ.

විදුලිසැර වැදුණු පුද්ගලයා රෝහලේ වෛද්‍යවරුන්ට පවසා ඇත්තේ මුත්‍රා කිරීමට ගිය අවස්ථාවේ තමන්ට මෙලෙස විදුලිය වැදුණු බවයි.

වාරියපොළ ඩිපෝවේ අධිකාරිවරියා විසින් මේ සම්බන්ධයෙන් වාරියපොළ පොලිසියට පැමිණිල්ලක් යොමු කර ඇති අතර, විදුලි බල මණ්ඩලයේ සේවකයින් ද පැමිණ සිද්ධිය සිදු වූ ස්ථානය පරීක්ෂාකර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ ට්‍රාන්ස්ෆෝමරයේ භූගත වයර් කපන අතරතුර මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති බවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස නතුරට ලක්ව ඇති අතර, විදුලි සැර වැදීමෙන් ඔහුගේ වම් පාදයට සහ ශරීරයේ ස්ථාන කිහිපයකට හානි සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20