හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

එළඹෙන නොවැම්බර් 07 වනදා සිට 09 වනදා දක්වා පැවැත්වෙන හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 8 දෙනෙකු ඇතුළත්.

තරගාවලිය Tin Kwong Road Recreation Ground හිදී පැවැත් වෙනවා.

2024 හොංකොං සික්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

පසුගිය තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් බහුතරයක් මෙවර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටීම විශේෂත්යක්.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය

ලහිරු මධුශංඛ (නායක)
ධනංජය ලක්ෂාන්
තනුක දාබරේ
නිමේෂ් විමුක්ති
ලහිරු සමරකෝන්
තරිඳු රත්නායක
සචිත ජයතිලක
මෝවින් සුබසිංහ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?