හෙරෝයින් වලට ලැබෙන තෑගි මුදල්

හොරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සපයන පුද්ගලයන් හට ලබාදෙන ත්‍යාග මුදල ඉහළ නැංවීමට මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් පොලිස්පතිවරයාට යෝජනා කර තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා නව දුරකතන අංක කිහිපයක් ද පොලිසිය විසින් හඳුන්වාදී ඇත.

මේ වන විට හෙරොයින් ග්‍රෑම් 10ත් 25ත් අතර වැටලීමක් සඳහා තොරතුරු කරුවෙකුට ලබාදුන් රුපියල් 5,000 වෙනුවට රුපියල් 10,000ක් ලබාදීමට එමගින් යෝජනා වී තිබේ.

හෙරොයින් ග්‍රෑම් 25ත් 50ත් අතර වැටලීමක් සඳහා මේ වනවිට රුපියල් 10,000ක් ලබාදෙන අතර නව යෝජනාවලියෙන් නිර්දේශ කර ඇති මුදල රුපියල් 20,000කි.

මේ වනවිට හොරොයින් ග්‍රෑම් 50ත් 100ත් අතර වැටලීමක් සඳහා තොරතුරුකරුවෙකුට ලබාදෙන මුදල රුපියල් 20,000ක් වන අතර නව නිර්දේශ යටතේ රුපියල් 30,000ක මුදලක් ලබාදීමට යෝජනා වී තිබේ.

හෙරොයින් ග්‍රෑම් 100ත් 250ත් අතර වැටලීමක් සඳහා තොරතුරුකරුවෙකුට මේ වන විට රුපියල් 30,000ක් ලබාදෙන අතර නව යෝජනාවලිය යටතේ නිර්දේශ කර ඇති මුදල රුපියල් 50,000කි.

හොරොයින් ග්‍රෑම් 250ත් 500ත් අතර වැටලීමක් සඳහා මේවන විට රුපියල් 40,000ක් ලබාදෙන අතර නව යෝජනාවලිය යටතේ රුපියල් 75,000ක් ලබාදීමට නිරේදේශ වී තිබේ.

හොරොයින් ග්‍රෑම් 500ත් කිලෝග්‍රෑම් එකත් අතර වැටලීමකට තොරතුරුකරුවෙකුට මේවන විට ලබාදෙන මුදල රුපියල් 50,000ක් වන අතර නව යෝජනාවලිය යටතේ නිර්දේශ කර ඇති මුදල රුපියල් ලක්ෂයකි.

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ නව යෝජනාවලිය යටතේ ග්‍රෑම් 500ක වැටලීමක් සඳහා රුපියල් ලක්ෂයක මුදල් ලබාදීමට යෝජනාවී ඇති බවය.

කිලෝ ග්‍රෑම් එකක හොරොයින් වැටලීමක් සඳහා තොරතුරුකරුවෙකුට මේවන විට රුපියල් 75,000ක් ලබාදෙන අතර නව නිර්දේශ යටතේ රුපියල් රුපියල් එක් ලක්ෂ 50,000ක් ලබාදීමට යෝජනා වී තිබේ.

එසේම වැඩිවන සෑම හෙරොයින් කිලෝග්‍රෑමයකටම රුපියල් 50,000 බැගින් ලබාදීමට ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පොලිස්පතිවරයාට යෝජනා කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40