හෙරොයින් සමඟ දහඅටේ තරුණියක් කොටු – පෙම්වතා පොලිසියට ගහලා පැන ගිහින්

හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 400ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18ක වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (18) සවස් කාලයේ දී වේයන්ගොඩ පොලිස් වසමේ මාරපොල ප්‍රදේශයේ දී වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමක දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම අත්අඩංගුවට ගැනීමේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පුද්ගලයෙක් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇත්තේ අත්අඩංගුවට ගැනුණු තරුණියගේ පෙම්වතා බවයි තොරතුරු වාර්තා වුණේ.

එම පුද්ගලයා විසින් කඩුවකින් පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.

පළාගිය සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට වේයන්ගොඩ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
00:40
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද අගමැති හරිනි යළි දිවයිනට ආ හැටි
01:04
Video thumbnail
ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ යාත්‍රාව දික්ඕවිට වරායට
02:30