හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවෙකු කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ නව හෙට්ටිවීදිය මාර්ගයේදී ඊයේ (17) අත්අඩංගුවටගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ අරමුණින් සිදුකෙරෙන මෙහෙයුම් අතරතුර කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ නව හෙට්ටිවීදිය මාර්ගයේ ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙහෙයුමක් සිදුකර ඇත.

එහිදී හෙරොයින් ග්‍රෑම් 703ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙහෙයුමේදී යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක්ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ භාරයටගෙන තිබේ.

අදාළ සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී ඇති අතර ඔහු අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?