හෙරොයින් බෙදාහැරි මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රධානියෙකු අත්අඩංගුවට

හොරණ දික්හේනේ දී හෙරොයින් මිලි ග්රෑම් 5200 සමග මත්ද්‍රව්‍ය බෙදා හැරෙන ජාලයක ප්‍රධානියකු අත්අඩංගුවට

හෙරොයින් මිලිග්‍රෑම් 5200ක ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය පවසනවා.

ඊයේ (20) රාත්‍රියේ දී හොරණ – දික්හේනපුර ප්‍රදේශයේ දී යතුරුපැදියක ගමන් කරමින් සිටියදි සැකකරු ව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු 28 හැවිරිදි පිටිපන උතුර – හෝමාගම පදිංචිකරුවෙක්.

ප්‍රශ්න කිරීමේදී අධිකරණ කිහිපයක සැකකරුට විරුද්ධව නඩු කිහිපයක් ඇති බව අනාවරණය වී තිබෙනවා.

සැකකරුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබා ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?