නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා ඒවා ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.
අද (03) පෙරවරුවේ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවුණු ලැබූ අවස්ථාවේදියි අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ.
2021 වර්ෂයේ ජුනි මස 20 වැනි දින මෙම සැකකරුව මට්ටක්කුලිය පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති අමරසේකර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.
ඒ මට්ටක්කුලිය – ශ්‍රී වික්‍රමපුර ප්‍රදේශයේදියි.
එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 71.39ක් සොයා ගැනුණු අතර ඔහු එදා සිට මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.
එම නඩුවේ අවසන් තීරණය දැනුම්දීම ප්‍රකාශයට පත් කරමිනුයි අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.