හෙඩ් සහ සදර්ලන්ඩ්ට ඔස්ට්‍රෙලියාවේ ඉහළතම සම්මාන හිමිවෙයි

ඔස්ට්‍රෙලියානු ජාතික (පිරිමි) කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස සැලකෙන ට්‍රවිස් හෙඩ් සහ ඔස්ට්‍රෙලියානු ජාතික (කාන්තා) ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් වන ඇනබෙල් සදර්ලන්ඩ් එරට ක්‍රීඩාවට ලබාදෙන ඉහළතම සම්මානවලට පාත්‍ර වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාට මෙම සම්මාන හිමිව ඇත්තේ සිය රට වෙනුවෙන් ක්‍රීඩාවෙන් පෑ ඉහළතම දක්ෂතා හේතුවෙන්.

ඒ අනුව ට්‍රවිස් හෙඩ් ඇලන් බෝඩර් සම්මානයට පාත්‍ර වී ඇති අතර ඇනබෙල් සදර්ලන්ඩ් පාත්‍ර වී ඇත්තේ බෙලින්ඩා ක්ලාස් සම්මානයටයි.

මෙම සම්මාන ද්විත්වයම එරට ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සිය ජීවිතයේ ලැබිය හැකි ඉහළතම සම්මාන ලෙසයි සලකන්නේ.

සදර්ලන්ඩ් යනු මෙල්බර්න් හි දී ටෙස්ට් ශතකයක් රැස් කළ පළමු කාන්තාවයි.

ඇය පසුගිය වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී ලකුණු 210ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර ජොෂ් හේසල්වුඩ්, ඇඩම් සැම්පා, බෙත් මූනි හට ඈෂ් ගාඩ්නර් සම්මාන හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26