ඔස්ට්‍රෙලියානු ජාතික (පිරිමි) කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස සැලකෙන ට්‍රවිස් හෙඩ් සහ ඔස්ට්‍රෙලියානු ජාතික (කාන්තා) ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් වන ඇනබෙල් සදර්ලන්ඩ් එරට ක්‍රීඩාවට ලබාදෙන ඉහළතම සම්මානවලට පාත්‍ර වී තිබෙනවා.
ඔවුන් දෙදෙනාට මෙම සම්මාන හිමිව ඇත්තේ සිය රට වෙනුවෙන් ක්‍රීඩාවෙන් පෑ ඉහළතම දක්ෂතා හේතුවෙන්.
ඒ අනුව ට්‍රවිස් හෙඩ් ඇලන් බෝඩර් සම්මානයට පාත්‍ර වී ඇති අතර ඇනබෙල් සදර්ලන්ඩ් පාත්‍ර වී ඇත්තේ බෙලින්ඩා ක්ලාස් සම්මානයටයි.
මෙම සම්මාන ද්විත්වයම එරට ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සිය ජීවිතයේ ලැබිය හැකි ඉහළතම සම්මාන ලෙසයි සලකන්නේ.
සදර්ලන්ඩ් යනු මෙල්බර්න් හි දී ටෙස්ට් ශතකයක් රැස් කළ පළමු කාන්තාවයි.
ඇය පසුගිය වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී ලකුණු 210ක් රැස් කිරීමට සමත් වුණා.
මේ අතර ජොෂ් හේසල්වුඩ්, ඇඩම් සැම්පා, බෙත් මූනි හට ඈෂ් ගාඩ්නර් සම්මාන හිමි ව තිබෙනවා.