හෙට සියළු රාජ්‍ය සේවකයන්ගෙන් විශේෂ තීරණයක්

අයවැය තුළින් රාජ්‍ය සේවකයන්ට වැටුප් ඉහළ දැමීමක් සිදුනොකළහොත් ලබන වසර ආරම්භ වන්නේ, රාජ්‍ය සේවක වර්ජන හා විරෝධතාවලින් බවත්, මෙහි පළමු පියවර ලෙස හෙට (08දා) දින රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ දමන ලෙස ඉල්ලා හා තවත් ගැටලු තුනක් මුල් කර ගනිමින් එක් දින වැඩ වර්ජනයක් හා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාව ඇතුළත් කර අයවැය සම්මත කර ගැනීමට තවත් පැය හතළිස් අටක කාලයක් ආණ්ඩුවට තිබෙන බවත්, මෙම කරුණ මතක් කර දීමට හා තවත් ගැටලු තුනක් මුල් කර ගනිමින් අද එක්දින වැඩ වර්ජනය සිදුකරන බවත් එම සංගමයේ නියෝජ්‍ය සභාපති චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

මීට සමගාමීව කොළඹ දියත උයන අසලදී වෘත්තීය සමිති පනහක නියෝජිතයන් එක්ව විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවද හෙතෙම පවසා සිටියේය.

අයවැය තුළින් ජනතාවට සහන ලබාදීමට හෝ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව කිසිදු යෝජනාවක් ඇතුළත් කර නොමැති බවත්, එහෙත් ලබන වසරේ ජනවාරි මාසයේ සිට සෑම මාසයකදීම එක් පවුලකින් රුපියල් 9,852ක් අලුත් බදු වශයෙන් අය කර ගැනීමට තීර‘ණය කර තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කිරීම හා භාණ්ඩ හා සේවා ගාස්තු සංශෝධනය කිරීම අයවැය තුළින් සිදු වුවත්, වර්තමාන ආණ්ඩුව පත් වීමෙන් පසු සෑම මාසයකම හෝ මාස දෙකකට වරක් භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ යාම සිදුවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ නිසා රාජ්‍ය සේවක වැටුප ඉහළ දැමීමට ආණ්ඩුවට අනිවාර්යයෙන්ම සිදුවන බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය සේවකයන් අරගල රැල්ලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවත් චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියේය.

අයවැය සම්මත වීම සඳහා තවත් දින දෙකක් ඉතිරිව තිබෙන නිසා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීමට අදාළ යෝජනාව අයවැයට ඇතුළත් කළ හැකි බවත්, මේ නිසා රාජ්‍ය සේවය අකර්මණ්‍ය නොකර අදාළ යෝජනාව අයවැයට ඉදිරිපත් කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අනුව අද රාජ්‍ය සේවකයන් උදෑසන 8.00 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ එක් දින වැඩ වර්ජනයක් සිදුකරන බවත්, මෙහිදී රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ දමන ලෙස, විශ්‍රාම යාමේ වයස් සීමාව 65 දක්වා ඉහළ දැමීමට ගෙන තිබෙන තීරණය හකුළා ගන්නා ලෙස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අත නොතබන ලෙස සහ රාජ්‍ය සේවකයන් රටට බරක් ලෙස මුදල් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස් කර ගන්නා ලෙස ඉල්ලා අද මෙම වැඩ වර්ජනය සිදුකරන බවත් චන්දන සූරියආරච්චි මහතා පවසා සිටියේය.

මෙම මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, තැපල් ඇතුළු රාජ්‍ය ආයතන තුළ පවත්වන බවත්, වැටුප් ගැටලුව පොලීසියට හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ටත් ඇති වී තිබුණද එම පිරිසට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට නොහැකි නිසා එම පිරිස් මෙම ක්‍රියාවන්ට සම්බන්ධ නොවන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
126
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08