හෙට සිට (28) කොළඹ හා ගම්පහ ස්ථාන 20ක දී රුපියල් 55 ට බිත්තර අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසීය
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් කිහිපයක් සමග සාකච්ඡාවකින් පසු බිත්තර මිල ගණන් පාරිභෝගිකයින්ට දැරිය නොහැකි ආකාරයට ඉහල යාම නිසා බිත්තර අවම මිලත් යටතේ අලෙවි කිරීම සම්බන්ධව සාකච්ඡාවකින් පසු බිත්තරයක් රුපියල් 55ක් වශයෙන් අලෙවි කිරීමට එම සංගම් අමාත්‍යවරයාට එකඟත්වය පළ කළා
හෙට (28) කොළඹ නගරය අවට හා ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක දී බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ 20ක් යෙදවීමට එම සංගම් පියවර ගෙන තිබෙන බව අමාත්‍යාංශය පවසයි. ඒ අනුව කොළඹ දුම්රිය ස්ථානය, දෙමටගොඩ, කොම්පඤ්ඤ වීදිය, දෙහිවල, බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම , මීගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන, ජාතික රූපවාහිනී සංස්ථාව අසල මංසන්ධිය සහ හෝමාගම දී මෙම බිත්තර අලෙවි කෙරේ. වත්තල, ජාඇල, රාගම හා මීගමුව, කිරිබත්ගොඩ, කඩවත, පෑලියගොඩ වැනි නගරවල ද බිත්තර අලෙවි කිරීම සඳහා ලොරි රථ තැබීමට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් තීරණය කර ඇත.










