spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට සිට දින තුනක් දිවයින පුරා විරෝධතා

හෙට (18) දිනයේ සිට තෙදිනක් පුරා විරෝධතා ක්‍රියාමාර්ග දියත් කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ අත්තනෝමතික ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින්.

එම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවයි එහි සම කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසුවේ.

“දැන් ජනාධිපති යන එකත් පැත්තක තියලා, ආණ්ඩු කරන්න කථා කර කර ඉන්නවා. ඒ නිසා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හැටියට අපි තීරණය කරලා තියෙනවා මේ අසාධාරණ අත්අඩංගුවට ගැනීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න. අරලියගහ මන්දිරයේ සිට පහරදීම සැලසුම් කළ මැරයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. මැරයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අපි පොලිස්පතිවරයා ඇතුළු ආණ්ඩුවට බලකරන්න අපි තීරණය කරලා තියෙනවා. 18 වෙනිදා ඉඳලා රට පුරා විරෝධතා ක්‍රියාමාර්ග යෝජනා කරලා තියෙනවා. ඒ නිසා අපි ආයතන ඉස්සරහා උද්ඝෝෂණ කරනවා. නගරවල උද්ඝෝෂණ කරනවා 18 වෙනිදා සිට. ඒ වගේම කොළඹ නගරයේ දුම්රිය පිට ඉදිරිපිට දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හැටියට අපි ප්‍රකාශයට පත්කරනවා. වැඩකරන පන්තියට අපි කියනවා 18 වෙනිදා දවල් 2ට කොළඹ දුම්රිය පොළ ඉදිරියට එන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
56
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?