AFC Banner
Empty Ad
Empty Ad

හෙට ඇල්පිටියේ ඡන්දයට සියල්ල සූදානම්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා මේ වනවිට සියල්ල සූදානම් කර තිබෙනවා.

ඊට අවශ්‍ය කරන මැතිවරණ තේරීම් භාර නිලධාරීන්, ඡන්ද පත්‍රිකා සහ සෙසු බඩුබාහිරාදිය අද (25) ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම්දෙන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන 48ක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 55,643ක් මෙවර ඇල්පිටිය ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

2018 වර්ෂයේ ඡන්දදායක ලියාපදිංචි කිරීමේ නාමලේඛනයට අනුව මෙම ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ හෙට (26) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා ඡන්ද විමසීම සිදුවන අතර ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය භාවිත කරනු ලබන ස්ථාන සියල්ලෙහිම නිරීක්ෂණ කටයුතු සඳහා තම නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හේට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?