AFC Banner
Empty Ad
Empty Ad

හෙටින් පසු ක්‍රියා කිරීමට නිර්දේශ මාලාවක්

හෙට අලුයම 4ට සංචරණ සීමා ඉවත් කෙරුණ ද සෞඛ්‍ය නිර්දේශ තවදුරටත් බලාත්මක බව පොලිසිය පවසනවා.
ඒ අනුව කාර්යාල සේවය සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පියවර ගත යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමේදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු අතර මගීන් මුව ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වනවා.
එමෙන්ම නිරෝධායන නීතිවලට අදාළ අනෙක් නියෝග ද පිළිපැදීමට ක්‍රියා කළ යුතුයි.
පළාත් අතර සංචරණ සීමා තවදුරටත් තහනම් වන අතර පළාත් හරහා ගමන් කළ හැකි වන්නේ සුවිශේෂී කරුණක් සඳහා පමණයි.
විශේෂ චාරිකා, විනෝද චාරිකා හෝ වන්දනා ගමන් වලට තවදුරටත් අවස්ථාව හිමිවන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?