AFC Banner
AFC Banner
Empty Ad

හෙටින් ඇරඹෙන සතියේ දෛනික විදුලි කප්පාදුව ගැන තීරණය අද

හෙට (20) දිනයේ සිට දෛනික විදුලි කප්පාදුව සිදුවන ආකාරය පිළිබඳව අද (19) දිනයේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

කෙසේ වෙතත් හෙට (20) දිනයේ සිට ලබන සිකුරාදා දක්වා පෙරවරු 8.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකිරීමටයි ඊයේ (18) තීරණය කළේ.

පාසල්වල අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට සැලසුම් කර තිබීම හේතුවෙන් මෙලෙස දිවා කාලයේ විදුලි කප්පාදුවක් සිදුනොකිරීමටයි තීරණය කෙරුණේ.

මේ අතර, අද දිනයේ පස්වරු 5.30ත්, රාත්‍රී 10.00ත් අතර කාලය තුළ දිවයින පුරා කලාප වශයෙන් පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?