Indian Premier League

හෙටත් විදුලිය කැපෙයි ද? – තීන්දුව ලංවිමෙන්

ඉදිරියේදීත් විදුලි කප්පාදුව සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් හෙට (13) උදෑසන ප්‍රකාශයක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත්කරමින් සිටින බැවින් විදුලි කප්පාදුව පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරතන මහතා කියා සිටියේ.

පසුගිය ඉරිදා දිනයේ දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රීය වුණා.

මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක පමණ ප්‍රමාණයක් අහිමි වුණු අතර ඊයේ (11) සහ පෙරේදා (10) දිනයන්හි දී විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?