හුදෙකලා කළොත් මෙවර රුපියල් 5000 නැහැ! ඒ වෙනුවට ලැබෙන දේ මෙන්න

කොවිඩ් වසංගතය හමුවේ සම්පුර්ණයෙන්ම හුදෙකලා කරනු ලබන ප්‍රදේශ සහ ගංවතුර අවදානමට මුහුණ දුන් ජනතාව වෙත ප්‍රදේශිය ලේකම් කාර්යාල හරහා මුදල් ලබා දීම වෙනුවට රුපියල් 5000ක් වටිනා භාණ්ඩ මල්ලක් ලබාදීම සඳහා කටයුතු කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා විසින් එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ ඒ ප්‍රදේශීය ලේකම්වරයා විසින් රුපියල් 5000ක් වටිනා භාණ්ඩ මල්ලක් මිලදී ගෙන එය නොමිලේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට සහ ගංවතුර අවදානමට ලක්ව ඇති ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි. 

මෙම ආහාර මලල සඳහා ස.තො.ස විසින් වෙළෙඳපොළේ පවත්නා මිලට වඩා අඩු මිලකට රුපියල් 5000ක් වටිනා බඩුමල්ලක් සැපයීමට කටයුතු යොදා ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම බඩු මල්ලට අයත් වන භාණ්ඩ පහත පරිදි වෙයි.

  1. සුදු නාඩු සහල් කිලෝ 10ක්
  2. රතු කැකුළ සහල් කිලෝ 5ක්
  3. පාන්පිටි කිලෝ 3ක්
  4. දෙවැනි බත 350g පැකැට්ටුවක්
  5. නුඩ්ල්ස් කිලෝ 1ක්
  6. අර්තාපල් කිලෝ 3ක්
  7. බීලූණු කිලෝ 3ක්
  8. රතු පරිප්පු කිලෝ 2ක්
  9. හාල් මැස්සන් (තායිලන්ත) 500g
  10. සුදු සීනි කිලෝ 1ක්
  11. දුඹුරු සීනි කිලෝ 1ක්
  12. තේ කොළ 200g පැකට් එකක්
  13. සෝයා මීට් රුපියල් 90ක පැකට් දෙකක්
  14. ගම්මිරිස් 100g 
  15. ලුණු කැට 1Kg එකක්
  16. මිරිස් කුඩු 100g
  17. ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 500g
  18. මාරි බිස්කට් 230g
  19. මුහුණු ආවරණ 10ක්
  20. ITI ආයතනයේ විෂ බීජ නාශක මිලිලීටර් 200ක් බෝතලයක්

යන ද්‍රව්‍ය මෙම සහන බඩුමල්ලට අයත් බව අමාත්‍යවරයා විසින් සඳහන් කළ අතර මෙම බඩුමල්ල වෙනත් සුපිරි වෙළෙඳ සැලකින් ලබා ගැනීමට ගියහොත් ඒ සඳහා රුපියල් 6000කට වඩා වැඩි මුදලක් වැයවනු ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම සම්පුර්ණයෙන්ම වසා දමන කාලය තුළ වූවද ස.තො.ස පාරිභෝගික ජනතාවට භාණ්ඩ ලබා නොදුන්නද, ප්‍රදේශීය ලේකම්වරයා විසින් හෝ එම පළාත භාරව සිටින අනිකුත් වගකිව යුතු පාර්ශයන්ට සහන මල්ල ලබාදීමේ ක්‍රියාවලිය සඳහා විවෘත කර තබන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා විසින් දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09