අම්බලන්තොට, හුංගම, පිංගම ප්‍රදේශයේ අද (02) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කුඹුරක ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවිය සමග හුංගම පොලිසියට භාර වී තිබෙනවා.
වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 32ක පිට්ටනියාම, පිංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 41ක් වන පිංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.





