හුංගම වෙඩි තැබීමක්

අම්බලන්තොට, හුංගම, පිංගම ප්‍රදේශයේ අද (02) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කුඹුරක ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවිය සමග හුංගම පොලිසියට භාර වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 32ක පිට්ටනියාම, පිංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සදහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 41ක් වන පිංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03