හිස ගැන සැකය වෙනත් දිශාවකට..

කොළඹ, වේල්ලවීදියේ ගමන් බෑගයක තිබී සොයාගත් මළ සිරුරේ හිස කොටස ඝාතකයා විසින් පුලුස්සා දමන්නට ඇතැයි සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියා.

මෙම කාන්තාවගේ හිස සොයා ගැනීම සඳහා කොළඹ සහ මොණරාගල විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි ඔහු කියා සිටියේ. මෙම ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණි දින රාත්‍රියේ ඔහුගේ කිලිටි ඇඳුම් සිය නිවසේ නානකාමරයේ බේසමක තිබූ බවත් නමුත් පසුදා උදෑසන එම ඇඳුම් දක්නට නොලැබුණු බවත් ඔහුගේ දියණියගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා.

තම පියා මධ්‍යම රාත්‍රිය ආසන්යේ දී නිවසට පැමිණි බවත් ඉන්පසු රාත්‍රී ආහාර ගත් බවත් දියණියගේ සාක්ෂියේ සටහන් වී තිබෙනවා. මේ අනුව පොලිසිය සැක කරන්නේ ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයා එදින රාත්‍රි ආහාර ගැනීමෙන් අනතුරුව කාටත් හොර රහසේ නිවසෙන් පිටවන්නට ඇති බවයි.

එලෙස නිවසින් පිටවූ උපපොලිස් පරීක්ෂකවරයා තම වැඩිමහල් පුත්‍රයාගේ ඉදිකෙරෙමින් පවතින නිවසට ගොස් තමන්ගේ කිලිටි ඇදුම් සහ හිස කොටස පුළුස්සා දමන්නට ඇති බවටයි පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් සැක කරන්නේ.

මේ වනවිට කිලිටි ඇදුම් සහ ගමන් බෑගය පුළුස්සා දැමූ ස්ථානය සොයාගෙන ඇති අතර හිස කොටස සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Source – HiruNews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34