Empty Ad
AFC Banner
Empty Ad

හිරුණිකාට සහ තුෂාර ඉඳුනිල්ට සජබ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී අසුන් නැහැ

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඡන්ද 1,968,716ක් ලබාගත් සමගි ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන පහක් හිමි වුණා.

ඉන් එක් ආසනයක් සඳහා එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට කටයුතු කිරීමෙන් පසු එය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ඉතිරි මන්ත්‍රී ආසන 04 සඳහා පත්කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් මතු වුණා.

එම මන්ත්‍රී ආසන 04 සදහා පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙක්ම ඉල්ලුම්කර තිබීම ඊට හේතුව පැවතියා.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සුජීව සේනසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් සහ මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය සමඟ එක්ව දුරකථනය ලකුණින් තරග කළ වෙතන් දේශපාලන පක්ෂ කිහිපයක ම නියෝජිතයින් එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසන සඳහා ඉල්ලුම්කර තිබුණා.

කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය හිමි නොවන බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර ඊයේ (29) රාත්‍රියේ විකාශය වූ ‘දසත කස්තිරම’ දේශපාලන වැඩසටහනට එක් වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ පක්ෂයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී අසන 04 සඳහා මේ වනවිට පුද්ගලයින් නම්කර අවසන් බවයි.

එළඹෙන 03 වනදා පවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා එම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු හතරදෙනාට සහභාගී විය හැකි බවයි පහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
36
+1
14
+1
234
+1
7
+1
11
+1
9
+1
49
Subscribe
Notify of
11 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?