හිමි නමකට පහර දී මුදල් කොල්ල කෑ පුද්ගලයා අත්අඩංගුවට

හලාවත නගරයේ සුපිරි වෙළෙඳසැලක් තුළ දී හිමි නමකට පහර දී රුපියල් ලක්ෂ 48 ක් පමණ වටිනා යුරෝ සහ ශ්‍රී ලංකා මුදල් කොල්ල කන ලද බව කියන පුද්ගලයෙකු ව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – වුඩ්ලන්ඩ් වත්ත පදිංචිකරුවෙකු යි.

ඉකුත් 21 වෙනිදා සවස හලාවත නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසැලකට පැමිණ ඇති හිමි නමක් එහි තිබූ භාණ්ඩ මිල දී ගෙන ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

හිමිනම විසින් භාණ්ඩ මිලට ගන්නා ආකාරය සැකකරු විසින් තම අත තිබූ ජංගම දූරකථනයකින් වීඩියෝගත කර තිබෙනවා.

හිමිනම ඊට විරෝධය පළ කර ඇති අතර, දෙදෙනා අතර ගැටුම සිදු වී ඇත්තේ එම අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී සැකකරු හිමිනමට පහර දී උන්වහන්සේ සතුව තිබූ බෑගයක් ද රැගෙන පලා ගොස් ඇති බවයි පොලිස් විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

එම බෑගයේ රුපියල් ලක්ෂ 48 ක් පමණ වන යූරෝ සහ ශ්‍රී ලංකා මුදල් තිබූ බව සිද්ධියට මුහුණ දුන් කරවිටාගාරයේ ධම්මකිත්ති හිමියන් පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සිදු කර ඇති විමර්ශනයකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු
කළා.

සැකකරු 2019 වර්ෂයේදී යුද හමුදා විශේෂ බලකායට බැඳීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වී තිබෙනවා.

නමුත් ශරීර යෝග්‍යතාව අසමත් වීම හේතුවෙන් ඉන් ඉවත් කර ඇති බවට ද හෙළි ව තිබෙනවා.

සැකකරු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද යුද හමුදාවේ පුහුණුවීම් ලද බවට වන සහතිකයක්, යුද හමුදා සාමාජිකයින් භාවිතා කරන කැලෑ ඇඳුම් කට්ටලයක්, සෙල්ලම් පිස්තෝල 02 ක් ද, පොලිස් භාරයට ගැනුණා.

සැකකරු හලාවත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?