හිමිකරුවෙක්‌ නැති මෝටර් රථයක් තලාහේනේ බැංකුවක් ඉදිරිපිට

හිමිකරුවෙක් නොමැති සුදු පැහැති මෝටර් රථයක් තලාහේන ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට දමා ගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අද (05) අලුයම තුනට පමණ අදාළ මෝටර් රථය පෞද්ගලික බැංකුව ඉදිරි පිට නවතා තිබෙනු දැක ඇති බැංකුවේ ආරක්ෂක නිලධාරීන්, එය උදෑසනවන විටත් ඉවත්කර නොගැනීම හේතුවෙන් ඒ පිළිබඳව පොලිසියට දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

පසුව තලංගම පොලිසියේ නිලධාරීන්, බෝම්බ නිෂ්ක්‍රීය අංශ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි පැමිණ අදාළ මෝටර් රථය දැඩි පරීක්ෂාවකට ලක්කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

අනතුරුව රථය තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර ඇති අතර, එය 2023 වර්ෂයේ ආදායම් බලපත්‍ර ලබාගත් මෝටර් රථයක් බවයි සිදුකළ පරීක්ෂා කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ.

මෙම මෝටර් රථය කිසියම් අපරාධයක් සඳහා සම්බන්ධ රථයක් ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශන අරඹා ඇති අතර, බැංකුව අසළ පිහිටි ආරක්ෂිත කැමරාවල දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?