හිමාලි අරුණාතිලකගෙන් රජයක් විදියට සමාව ඉල්ලනවා – ඇමති විජිත

දූෂණ චෝදනා එල්ල වූ ඔස්ට්‍රෙලියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සේවිකාවකට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇය කිසිදු වංචාවක් සිදුකර නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

හිමාලි අරුණාතිලක මහත්මිය මේ වනවිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කරන අතර ඇය රට වෙනුවෙන් අදටත් සේවය කරමින් සිටින බව ද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා.

ඇය ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කරමින් සිටිය දී මෙරට සේවිකාවකට නිසි ලෙස වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයේ දී ඩොලර් ලක්ෂයකට අධික දඩයක් නියම කෙරුණා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇය කිසිදු පෞද්ගලික වංචාවක් සිදුකර නොමැති අතර රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයින් සඳහා සේවයේ නිරත අයට වැටුප් ගෙවනු ලබන්නේ ලංකා ආණ්ඩුවෙන් බවයි.

එම නිසා හිමාලි අරුණාතිලක මහත්මිය මුහුණදුන් අපහසුතාව පිළිබඳ රජයක් ලෙස තමා කනගාටු වන බව ද මෙම ගැටලුව ලංකාවේ වැටුප් තල අඩු මට්ටමේ පැවතීම හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වයක් වන බවත් ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය හා රජය ඉදිරියේ දී ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
38
+1
17
+1
202
+1
20
+1
24
+1
17
+1
44
Subscribe
Notify of
29 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16