හිටි හැටියේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකුගේ මන්ත‍්‍රී ධුර තහනම් කරයි..

පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජන බල වේගයට සහය දැක්වු මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ පලාත් පාලන ආයතන දෙකක එක්සත් ජාතික පක්ෂ සභිකයන් දෙදෙනකුගේ එම සභිකධුර තහනම් කිරිමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එක්සත් ජාතික පක්ෂ මස්කෙළිය ප්‍රධාන සංවිධායක හා හිටපු පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා පවසන ලද්දේ පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි සමගි ජන බලවේගයට සහය දැක්විමට පියවර ගෙන තිබු එක්සත් ජාතික පක්ෂයේ හැටන් දික්ඔය නගර සභා මංත්‍රි ඒ. පි. අනුරද සිල්වා මහතාගේ හා අඹගමුව ප්‍රාදේශිය සභා මංත්‍රි ගාමිණි කවිරාජ් මහතාගේ මංත්‍රිධුර තහනම් කිරිමට පක්ෂයේ විධායක සභාව මගින් පියවර ගෙන ඇති බවත්ය.

පසුගිය පලාත් පාලන මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හැටන් දික්ඔය නගර සභාවට හා අඹගමුව ප්‍රාදේශිය සභාවට තේරි පත්වු මෙම දෙදෙනා පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදි පක්ෂයේ තිරණවලට පිටු පාමින් සමගි ජන බලවේගයට සහය දැක්විම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද විනය පරික්ෂන මත මෙම දෙදෙනාගේ මංත්‍රිධුර තහනම් කිරිමට පියවර ගත් බවත්ය.

එසේ මංත්‍රිධුර තහනම් කිරිමත් සමග එම දෙදෙනා හැටන් දික්ඔය නගර සභාවේ හා අඹගමුව ප්‍රාදේශීය සභාවේ මෙතෙක් දැරු මංත්‍රිධුර අහෝසි වන බවත් එම පුරප්පාඩු සදහා මේ වන තෙක් කිසිවකතු පත් කර නොමැති බවත් එසේ පුරප්පාඩුවු මංත්‍රිධුර සදහා අලුතින් දෙදෙනකු ඉදිරියේදි පක්ෂය විසින් පත් කිරිමට නියමිත බවද කේ. කේ. පියදාස මහතා තව දුරටත් පවසන ලදි.

– මනුර සුදත් සෙල්ලහේවා හැටන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09