AFC Banner
Empty Ad
Empty Ad

හිටපු වරාය ඇමතිගේ බෑනාගේ නුවර ගෙදරින් සැප වාහන දෙකක් මතුවේ

හිටපු වරාය අමාත්‍යවරයෙකු වන රෝහිත අබේගුණවර්ධනගේ බෑනාට අයත් මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සඟවා තිබිය දී සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ජීප් රථයක් පොලිසිය විසින් (20) ඊයේ සොයාගෙන තිබෙනවා.

සුඛෝපභෝගී වර්ගයේ BMW වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් මෙලෙස මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සොයාගත් මෝටර් රථ දෙක සම්බන්ධයෙන් නීත්‍යානුකූල හිමිකම් කීමට එම නිවසේ කිසිවකුටත් නොහැකි වීම හේතුවෙන් ඒවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් මෝටර් රථ 02 නීති විරෝධී අන්දමින් වරායෙන් පිටකළ මෝටර් රථ බවට පොලිසිය සැක කරනවා.

සොයාගත් මෝටර් රථ දෙක රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?