කතුන් දෙදෙනාගේ මළුවල තිබී හමු වූ විදේශීය දුම්වැටි

රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු අද (10) දින අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාරිණියන් දෙදෙනා ඩුබායි හි ගෘහ සේවය සඳහා ගොස් ඇති අතර, එහිදී ඔවුන්ට එම රැකියා අවස්ථා නොලැබී, තවදුරටත් එරට රැඳී සිටියදී, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්, තාවකාලික ගමන් බලපත්‍ර යටතේ මොවුන් දෙදෙනා ආපසු ශ්‍රී ලංකාව වෙත එවා ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඔවුන් එසේ පැමිණෙන අතරතුර මෙම විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 20,000ක් අඩංගු දුම්වැටි කාටූන් 100ක් තම ගමන් මළු තුළ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකාරිණියන් අතරින් එක් කාන්තාවක් 33 හැවිරිදි වියේ පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අනෙක් කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඔවුන් අද අලුයම 12.45 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා පසුව පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර , ඔවුන් දෙදෙනා එළඹෙන 18 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01