කතුන් දෙදෙනාගේ මළුවල තිබී හමු වූ විදේශීය දුම්වැටි

රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු අද (10) දින අලුයම ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකාරිණියන් දෙදෙනා ඩුබායි හි ගෘහ සේවය සඳහා ගොස් ඇති අතර, එහිදී ඔවුන්ට එම රැකියා අවස්ථා නොලැබී, තවදුරටත් එරට රැඳී සිටියදී, එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්, තාවකාලික ගමන් බලපත්‍ර යටතේ මොවුන් දෙදෙනා ආපසු ශ්‍රී ලංකාව වෙත එවා ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඔවුන් එසේ පැමිණෙන අතරතුර මෙම විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 20,000ක් අඩංගු දුම්වැටි කාටූන් 100ක් තම ගමන් මළු තුළ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකාරිණියන් අතරින් එක් කාන්තාවක් 33 හැවිරිදි වියේ පසුවන මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අනෙක් කාන්තාව 52 හැවිරිදි වියේ පසුවන මීරිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඔවුන් අද අලුයම 12.45 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා පසුව පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර , ඔවුන් දෙදෙනා එළඹෙන 18 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14