බහින් බස්වීමක් දුරදිග ගිහින් හෝටල් සේවකයින් දෙදෙනෙක් මරාගෙන

හෝටල් සේවකයෙක් තවත් සේවකයෙකුට එල්ල කළ පිහි පහරකින් එම සේවකයා මියගොස් තිබෙනවා.

ජාඇල පරණ මීගමුව පාරේ පිහිටි හෝටලයක් තුළ අද (10) අලුයම් කාලයේ මෙම අපරාධය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සේවකයින් දෙදෙනා අතර, ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් එක් සේවකයෙක් අනෙක් සේවකයාගේ ගෙළ ප්‍රදේශයට සහ පාදයකට පිහියකින් පහර දී තිබෙනවා.

පිහි ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබූ එම සේවකයා රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විජය කුමාර නැමැති අයෙක්.

අපරාධය සිදුකළ බව කියන සැකකර අනෙක් සේවකයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36