සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අනිල් ජාසිංහ

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කර තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත පිරිනමා තිබෙනවා.

ඔහු පසුගිය ආණ්ඩුවල පරිසර අමාත්‍යංශයේ ලේකම් තනතුරේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ ද කටයුතු කරනු ලැබුවා.