හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සිව් වසරක බරපතළ වැඩ සහිත ව සිරදඬුවම් නියම වෙයි

කාන්තාවකගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය විසින් වරදකරු කරන ලද හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට එරෙහිව ලබා දී ඇති සිව් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා.

අද (05) පෙරවරුවේ මෙම නඩුව සම්පත් බී. අබේකෝන් සහ කුමාරන් රත්නම් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ දී විභාගයට ගැනුණු අවස්ථාවේදියි අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අදාළ සැකකාර නියෝජ්‍ය අමාත්‍යවරයාව මෙම චෝදනවාට වැරදිකරු කරමින් 2017 නොවැම්බර් මස 02 වැනි දින කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ විසින් නිකුත් කරනු ලැබුවා.

එම තීන්දුව බල රහිත කරමින් නියෝගයක් නිකුත් කර තමන්ව නිදොස් කර නිදහස් කරන ලෙසටයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේ.

එම අභියාචනය අද විභාගයට ගනිමින් මෙම නියෝගය අභියාචනාධිකරණය විසින් නියෝග කරනු ලැබු අතර වහාම එය ක්‍රියාත්මක කරන ලෙසට ද දැනුම්දුන්නා.

අම්පාර ප්‍රදේශයේ පදිංචි ජී. පුංචිනෝනා නමැත්තියගේ පුත්‍රයාට ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා 2007 නොවැම්බර් මස 01ත් 2007 දෙසැම්බර් මස 26 වැනි යන කාලවකවානුව තුළ දී සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් වින්දිත පාර්ශ්වයෙන් අල්ලස් ලබා ගෙන ඇති බවට දන්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
3
+1
42
+1
4
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?