හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සිව් වසරක බරපතළ වැඩ සහිත ව සිරදඬුවම් නියම වෙයි

කාන්තාවකගෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලසක් ලෙස ලබා ගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය විසින් වරදකරු කරන ලද හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට එරෙහිව ලබා දී ඇති සිව් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා.

අද (05) පෙරවරුවේ මෙම නඩුව සම්පත් බී. අබේකෝන් සහ කුමාරන් රත්නම් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ දී විභාගයට ගැනුණු අවස්ථාවේදියි අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.

අදාළ සැකකාර නියෝජ්‍ය අමාත්‍යවරයාව මෙම චෝදනවාට වැරදිකරු කරමින් 2017 නොවැම්බර් මස 02 වැනි දින කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ විසින් නිකුත් කරනු ලැබුවා.

එම තීන්දුව බල රහිත කරමින් නියෝගයක් නිකුත් කර තමන්ව නිදොස් කර නිදහස් කරන ලෙසටයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේ.

එම අභියාචනය අද විභාගයට ගනිමින් මෙම නියෝගය අභියාචනාධිකරණය විසින් නියෝග කරනු ලැබු අතර වහාම එය ක්‍රියාත්මක කරන ලෙසට ද දැනුම්දුන්නා.

අම්පාර ප්‍රදේශයේ පදිංචි ජී. පුංචිනෝනා නමැත්තියගේ පුත්‍රයාට ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා 2007 නොවැම්බර් මස 01ත් 2007 දෙසැම්බර් මස 26 වැනි යන කාලවකවානුව තුළ දී සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් වින්දිත පාර්ශ්වයෙන් අල්ලස් ලබා ගෙන ඇති බවට දන්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39