හිටපු පා. ම. උද්දිකගේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට පත් පුද්ගලයාට ඇප

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ නිවසට වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව සිටි සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට අද (13) දින ඇප නියම කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ නිවසට සහ ඔහු ගමන් ගත් රථයට වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.

අද (13) දින නැවත එම නඩුව කැඳවූ අතර අධිකාරිවරයා අත්අඩංගුවට ගැනීමේ දී ඔහු රැඳී සිටි නිවස පිළිබඳව  විමර්ශනයක් කළ යුතු බව පොලිසිය ඉල්ලීමක් කළ තිබුණ ද සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාමට ඇප ලබා නොදීමට තරම් ප්‍රමාණවත් කරුණක් නොවන හෙයින් අද (13) දින අනුරාධපුර මහේස්ත්‍රාත් විසින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත සංජීව මහානාම හට ඇප ලබාදීමට කටයුතු කර තිබුණා.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා සිටියේ වෙනත් කිසිදු නඩුවක් හෝ චෝදනාවක්  මෙම නඩුවට අදාළ නොවන බවත් මෙම නඩුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ නිවසට වෙඩි තැබීම සිදු කළ ගිනි අවිය සංජීව මහානාමට අයත් ගිනි අවියෙන් නිකුත් වූ උණ්ඩ බවට නිගමනය කළ නොහැකි බව රස පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇති බව නීතිඥවරුන් පවසා සිටියා.

එම කරුණු සැලකිල්ලට ගෙන අද (13) දින හිටපු සහකාර පොලිස් අධිකාරිවරයාට ඇප ලබාදීමට තීන්දු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?