හිටපු නීතිපති ලබන සඳුදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට?

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ලබන සඳුදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

මීට පෙර අවස්ථා දෙකකදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබූ අතර එම අවස්ථා දෙකේදීම හිටපු නීතිපතිවරයා පෙනී සිටීමට නොහැකිවීම සම්බන්ධයෙන් දැනුම් දී තිබූ බවයි වාර්තා වූයේ.

ඒ අනුව ලබන සඳුදා දිනයේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට දැනුම් දී තිබෙනවා.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිපති දප්පුල ද ලිවේරාට දැනුම් දුන් බවයි පොලිසිය සඳහන් කළේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඇති කුමන්ත්‍රණයක් පිළිබඳ ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා සිය කාර්යාලයෙන් ඉවත්ව යන දිනයේ කළ ප්‍රකාශය පිළිබඳව පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අනාවරණ කළා.

2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවල විශ්වසනීයත්වයට එය බලපාන බැවින් එම ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත යුතු බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?