හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක තව දුරටත් රිමාන්ඩ්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලන්ඩන් සංචාරයක් සඳහා රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ලබන පෙබරවාරි 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (11) නියෝග කළා.

හිටපු ජනාධිපතිවරයා සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා ලන්ඩනය බලා ගොස් තිබුණේ පෞද්ගලික සංචාරයක් වශයෙන්.

කෙසේ වෙතත්, එම සංචාරය සඳහා වැය වූ රුපියල් කෝටි එකහමාරකට (මිලියන 15කට) අධික මුදලක් රජයේ ප්‍රතිපාදනවලින් වැය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කරුණු දක්වමින් සඳහන් කරේ මෙම සංචාරය පෞද්ගලික එකක් වුවද, ඊට අදාළ වියදම් රජය වෙත පැවරීමට හිටපු ජනාධිපති ලේකම්වරයා ආධාර අනුබල දී ඇති බවයි.

එසේම රජයේ මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන බවද සඳහන් කළා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාර සමන් ඒකනායකව ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, එදිනට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසද දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිය රකුසාගෙන් සිදුවන අනතුරු ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
05:14
Video thumbnail
මරණ දඬුවම් නියම වූ වරදකරුවන්ගේ ඥාතීන් උසාවියේ හඬා වැටෙයි
04:18
Video thumbnail
🔴Breaking News
01:55
Video thumbnail
විෂ මත් ව්‍යසනය පරදන ‘රටම එකට’ ජාතික මෙහෙයුම | නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන
20:20
Video thumbnail
උසස්වීම් නොලැබීම නිසා සමෘද්ධි නිලධාරීන් කුපිතවෙයි..වසර 30 ක් අපි එකතැන පල්වෙනවා..
04:16
Video thumbnail
දයාසිරි හදිසියේම ජනාධිපති ලේකම් කාර්යාලයට එයි
07:11
Video thumbnail
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අධිකරණයට රැගෙන ආ හැටි..හිනාවකුත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මේ ආණ්ඩුවට විරුද්ධව අපිට පැමිණිල්ල දාන්න වෙයි කියලා අපි හිතුවේ නෑ
03:41
Video thumbnail
මේක තමයි වත්මන් ආණ්ඩුවේ බෝර්ඩ් එක..වෙනස හොඳයි..දෙනියායේ ගම්මු ජනපතිට තුති පුදයි
05:15
Video thumbnail
මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව අන්ත පරාජය වෙනවා
06:32


?