හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශය ලබාදීමට අද (22) පෙරවරු 9.00ට පමණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහු විසින් රජයේ මුදල් භාවිත කරමින් සිදුකරන ලද පුද්ගලික විදෙස් සංචාරයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම් සඳහා ඔහු අද (22) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

එහිදී පැය හතර හමාරක පමණ කාලයක් ප්‍රකාශ ගැනීමෙන් අනතුරුවයි හිටපු ජනාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම විමර්ශනවලට අදාළව මීට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරාගෙන් ද, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් ද ප්‍රකාශ සටහන් කර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
3
+1
12
+1
2
+1
2
+1
1
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?