හිටපු ජනාධිපති රනිල් අද අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි හිටපු ජනාධිපතිවරයා මෙලෙස අල්ලස් කොමිසමට කැඳවා ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයාගෙන් මීට පෙර අවස්ථා දෙකකදී අල්ලස් කොමිසමෙන් කැඳවීම් කර තිබූ නමුත්, එම අවස්ථා දෙකේදී ම ඔහු වෙනත් දිනයක් ඉල්ලා සිටියා.

ඒ, අනුව ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් ලිපියක් යොමුකරමින් අද (28) දිනයේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට ඉල්ලීමක් කර තිබුණා.

මේ අතර අල්ලස් කොමිසම සඳහන් කළේ සාධාරණ හේතුවක් නොමැතිව ඔහු අද (28) දිනයේ එම කොමිසම හමුවේ පෙනී නොසිටියහොත්, පනතේ 126 වැනි වගන්තිය අනුව කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?