AFC Banner
Empty Ad
AFC Banner

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව ගැන තක්සේරු වාර්තාවක් කැබිනට්ටුවට

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජන තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

වැඩබලන පොලිස්පති වීරසූරිය ප්‍රකාශ කළේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගන්නා තීරණය අනුව හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති ආරක්ෂාව අඩු කරනවාද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක විධිවිධාන සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවක නිර්දේශ මත පදනම්ව තර්ජන තක්සේරු වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?