හිටපු ජනපති රනිල්ට අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණෙන ලෙසට දැනුම්දීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.

මෙම දැනුම්දීම අද (21) දිනයේ සිදු කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ සිද්ධියකට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි හිටපු ජනාධිපතිවරයාට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම්දී ඇත්තේ.

ඒ අනුව අප්‍රේල් මස 25 වැනි දින පෙරවරු 09.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති වික්‍රමසිංහ හට දැනුම්දී තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 17 වැනිදා උදෑසන 9.30ට ද අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබූ අතර එදින තමන්ගේ නීතිඥවරු නොමැති නිසා පැමිණීමට නොහැකි බවත්, රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට දන්වා සිටියා.

ඉන් අනතුරුවයි හිටපු ජනාධිපතිවරයා හට යළිත් මෙම දැනුම්දීම සිදු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16