Empty Ad
AFC Banner
Empty Ad

හිටපු ජනපති රනිල්ගේ ගෙට ගිනි තැබූ පස්වැනි සැකකරු දැඩි කොන්දේසි මත මුදා හැරේ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියේ පස් වන සැකකරු ඇන්ඩෘ ඉවෝන් පෙරේරා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (09) නියෝග කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට අරගලකරුවන් විසින් 2022 වසරේදී සිදු කළ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පස්වන සැකකරු ලෙස නම් කර ඇති විදේශගත වී සිටින ඉවෝන් ඇන්ඩෘ පෙරේරා යන අයට නිකුත් කර ඇති විදේශ ගමන් තහනමේ මෙරටට පැමිණීමේ කොන්දේසිය පමණක් තාවකාලිකව ඉවත් කිරීමෙන් අනතුරුව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥවරුන් කණ්ඩායමක් හරහා අධිකරණයට සැකකරු භාර වුණා.

රුපියල් මිලියන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස ද ලබන 11 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මිණි මහත්මිය සැකකරුට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?